ට්‍රම්ප්ට පපුවේ අමාරුවක් මෙලානියා බයවෙලා
ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ට්‍රම්ප් හෘදයාබාධයකට ගොදුරු වුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය ඉකුත් සති අන්තයේ වාර්තා කිරීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.
පසුගිය 16 වැනිදා 73 හැවිරිදි ට්‍රම්ප් සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය.
එහිදී පපුවේ කැක්කුමක් ඇති බව ජනපති ට්‍රම්ප් ඔහුගේ වෛද්‍යවරයාට පැවැසූ බවත්, එය හෘදයාබාධයක් වීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරයා ට්‍රම්ප්ට පැහැදිලි කළ බවත් ඇමෙරිකන් මාධය වාර්තා පවසා ඇත.
වෛද්‍ය පරීක්ෂණයෙන් ට්‍රම්ප් අසමත් වූ බව ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු බවත්, වෛද්‍ය පරීක්ෂණයෙන් ට්‍රම්ප් සමත් වුණු බවත් ධවල මන්දිරය පවසා ඇත.
ට්‍රම්ප්ට හෘදයාබාධයක් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහු වෛද්‍ය පරීක්ෂණයට යොමු වී සිටිද්දීය.
මාධ්‍ය වාර්තා අසන්න ලැබීමෙන් ට්‍රම්ප් බිරිඳ මෙලානියා මහත් සේ බියටත් කලබලයටත් පත්ව ඇත. මේ සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්, එම ව්‍යාජ පුවත වාර්තා කළ පුවත් නාළිකාවලට දොස් පැවැරූ බව ද වාර්තා වේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)