ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව ඡන්ද විමසුමක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය නිෂේධ බලය භාවිත කරමින්, සෞදි අරාබියටත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත් ආයුධ විකිණීමට ගත් තීරණය වැළැක්වීමට ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේ ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිතය.

ජනපති ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධ වීමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වනු ඇතැයි පැවැසෙයි. ඡන්ද විමසුම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු දෙවැනිදා යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සෞදියටත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත් ඇමෙරිකාව ආයුධ විකිණීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයෙන් පමණක් නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වී තිබේ. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. සෙනෙට් මණ්ඩලයේ ආසන 100 ක් ඇති අතර රිපබ්ලිකන්වරුන් සතු ආසන සංඛ්‍යාව 53 කි.

වොෂින්ටනයේදී (රොයිටර්ස්)


RECOMMEND POSTS