ට්රම්ප්ගේ තර්ජනවලට බය වෙන්නේ නෑ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගේ තර්ජනවලට තමන් බියක් නොදක්වන බවත්, ඇමෙරිකා දේශපාලනයෙන් හෝ ඇමෙරිකාවෙන් හෝ පිටවී යෑමේ අදහසක් තමන්ට නැති බවත් ඩිමොක්රටික් පක්ෂ නියෝජිත මන්ත්රීවරියක වන ඉල්හාම් ඕමාර් පවසා ඇත.
ට්රම්ප් පරිපාලනය දිගින් දිගටම විවේචනය කිරීම නිසා, ට්රම්ප්ගේ උදහසට ලක් වුණු විදෙස් සම්භයයක් සහිත ප්රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ නියෝජිත මන්ත්රීවරියන් සිවු දෙනකු සිටින අතර, ඕමාර් ඔවුන්ගෙන් එක් අයෙකි.
කෙසේ නමුත්, සෙසු මන්ත්රීවරියන් තිදෙනා මෙන් නොව, ඉල්හාම් ඕමාර් ඇමෙරිකාවේ උපත ලැබූවකු නොව, ඇය කුඩා කළ සෝමාලියාවේ සිට ඇමෙරිකාවට පැමිණ ඇත්තේ සංක්රමණිකයකු ලෙසිනි. ඉල්හාම් ඕමාර් ඇමෙරිකාවට පලා ආවේ සෝමාලියාගේ සිවිල් ගැටුම් නිසා යැයි පැවැසෙයි.
ලබන 2020 ජනාධිපතිවරණයට ද ජනපති ට්රම්ප් ඉදිරිපත් වෙයි. 18 පැවැති ජන රැලියකදී ද රිපබ්ලිකන් ආධාරකරුවන් අමතමින්, ජනාධිපති ට්රම්ප්, ඉල්හාම් ඕමාර් විවේචනය කළේය. ඒ, ඇය ආපසු සෝමාලියාවට යා යුතු යැයි යළිත් වරක් පවසමිනි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)