ජොන්සන් සහ මොරිසන් හමුවෙලා



බි‍්‍රතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් සහ  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් අතර හමුවක්, ප‍්‍රංශයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සමගාමීව පැවැත්විණි.

බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන් සහ  ඕස්ටේ‍්‍රලියා අගමැති මොරිසන් අතර පැවැත්වුණු පළමු හමුව මෙය විය. මෙහිදී වැඩි අවදානය යොමු වූයේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය කෙරෙහිය.

බොරිස් ජොන්සන්, බි‍්‍රතාන්‍ය අගමැති ධුරයට පත් වී සිටින්නේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීමේ අරමුණින්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS