ජෙරුසලමේ නව නිවාස ව්‍යාපෘතිය ඇණ හිටින ලකුණු !
බී.බී.සී ඇසුරෙනි..
ජෙරුසලමේ නැගෙනහිර කලාපයේ නව නිවාස පන්සීයක් ඉදිකරනු ලැබීමේ සැලැස්මක් සඳහා නගර සභා නියෝජිතයින් ඡන්ද විමසීම කල්තැබීමට ජෙරුසලම් නගර සභාව පියවර ගනී.
එවැනි පියවරක් ගනු ලැබුණේ, පලස්තීන භූමියේ යුදෙව් නිවාස ඉදිකරනු ලැබීම නතරකරන මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටීමෙන් දින කීපයකට පසුවය.
ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව එම තීරණයට එළැඹුණු බව ජෙරුසලම් නගර සභාවේ නියෝජිතයෙක් බීබීසියට කියා සිටියේය.
දැනට ඇනහිට ඇති මැදපෙරදිග සාම සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති අතරවාරයේ වොෂින්ටන් බලධාරීන් සමඟ සබඳතා තවදුරටත් පිරිහීම වළක්වා ගැනීමට එවැනි තීරණයක් ගෙන ඇති බවත් එම නියෝජිතයා ප්‍රකාශ කළේය
අත්පත්කරගන්නා ලද පලස්තීන භුමියේ නිවාස ඉදිකිරීම නවතාලන ලෙස ඉල්ලමින් එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කර ඇති විසඳුම ඊශ්‍රායලය විසින් කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ආරක්ෂක මණ්ඩලයේදී මෙම විසඳුම සම්මතවූයේ මෙතෙක් ඊශ්‍රායලයට සහය පළකරමින් සිටි ඇමරිකාව ඡන්දය දීමෙන් වැලකී සිටීම හේතුවෙනි.
මෙම විසඳුම් යෝජනාවලිය ලැජ්ජාසහගත එකක් බව පැවසූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු ප්‍රකාශකළේ එහි අඩංගු කොන්දේසිවලට එකඟ විය නොහැකි බවය.
තිළිණි ද සිල්වා