ජුලියන් ඇසෙන්ජ් නෙරපන්න සූදානම්



ඇමෙරිකාවේ උදහසට ලක් වී, 2012 වසරේ සිට ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ කොටු වී සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්, එක්වදෝර් තානාපති කාර්යාලයෙන් නෙරපා දැමීමේ සූදානමක් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඕස්ටේරලියානු ජාතික ජුලියන් ඇසෙන්ජ් ඇමෙරිකාවේ උදසහට ලක් වූයේ ඇමෙරිකාවේ රාජ්‍ය සහ හමුදා රහස් සහ අකටයුතුකම් රැසක් සිය විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ලොවට හෙළි කිරීම නිසාය.

ඇසෙන්ජ් බිතාන්‍යයේ ලන්ඩන් නුවර සිටිද්දී, බි්‍රතාන්‍ය රජයේ සහාය ඇතිව ඇමෙරිකාව ඇසෙන්ජ් අත්අඩංගුවට ගැනීමට සූදානම් විය. ඒ, ස්වීඩනයේදී ස්වීඩන කාන්තාවන් දෙදෙනකුට ලිංගික හිරිහැර කළේ යැයි ඇසෙන්ජ්ට එල්ල වී ඇති චෝදනාවක් මුල්කොට ගනිමිනි.

ලන්ඩන් පොලිසිය ඇසෙන්ජ් අත්අඩංගුවට ගෙන ස්වීඩනයට බාරදීමටත්, ඇමෙරිකානුවන් ස්වීඩනයෙන් ඇසෙන්ජ් ලබා ගැනීමටත් සැලැසුම් සකස් කෙරුණි.

කෙසේ නමුත් ඇසෙන්ජ් ලන්ඩන් පොලිසියේ අත්අඩංගුවෙන් බේරී ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතුවේය. 2012 වසරේ සිට ඇසෙන්ජ් තානාපති නාර්යාලයෙන් පිටතට පැමිණ නැත. එසේ කළොත් ඔහු අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටින බව වාර්තා වේ.

විකිලීක්ස් වෙබ් අඩවිය ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනොගේ දූෂණ වංචා ප්‍රසිද්ධියට පත් කර ඇත. ඇසෙන්ජ් සහ එක්වදෝර් රජය අතර ඇතිකරගෙන තිබුණු එකඟතා ඒ අනුව උල්ලංඝනය වන බවත්, එය හේතුවෙක් කර ගනිමින් ඇසෙන්ජ් තානාපති ලන්ඩන් තානාපති කාර්යාලයෙන් නෙරපා දැමෙනු ඇති බවත් එක්වදෝර් රජය පවසා තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS