ජුලියන් අසාන්ජ්ගේ සෞඛ්‍යය පිරිහිලා
ඇමෙරිකාවේ රහස් ලොවට හෙළි කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ උදහසට ලක්වී සිටින ඕස්ටේ්රලියානු ජාතික ජුලියන් අසාන්ජ් අසාධ්‍ය තත්ත්වයකින් පසුවන බව වෛද්‍යවරුන් 60 දෙනකු බි්රතාන්ය ස්වදේශ කටයුතු අමත්‍යාංශයට දන්වා ඇත.
මේ වනවිට අසාන්ජ් ලන්ඩන් නුවර බෙල්මාෂ් බන්ධනාගාරයේ රඳවා තැබේ. ඒ, ඉක්වදෝර් තානාපති කාර්යාලයේ වසර 7 ක් රැඳී සිටීමෙන් පසුවය. අසාන්ජ් ඇමෙරිකාවට ලබා ගැනීමට ඇමෙරිකන් නීතිවේදීහු කටයුතු කරති.
අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්, විවෘත ලිපිය බි්රතාන්ය ස්වදේශ කටයුතු අමත්‍යාංශයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ඇමෙරිකා, ඕස්ටේ්රලියා, බි්රතාන්ය, ස්වීඩන, ඉතාලි, ජර්මන්, පෝලන්ත පමණක් නොව ශ්‍රී ලංකාවේ ද වෛද්‍යවරුන් විසින් යැයි ද පැවැසෙයි.
ලන්ඩනයේදීය (රොයිටර්)