ජපන් අගමැති අබේ ෆිදෙල් කස්ත්‍රෝ හමුවෙයි
ජපන් අගමැති ෂෙන්සෝ අබේ, පෙරේදා (24) කියුබාවේ හවානා නුවරදී කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ සහ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමුවී සාකච්ඡා පැවැත් වීය.
දේශපාලන සහ ආර්ථික සම්බාධකවලට යට වී සිටි කියුබාව යළි ලෝකයට විවෘත වූයේ, ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා මැදිහත් වී, කියුබා නායක රාවුල් සමඟ සාකච්ඡා කොට හොඳ හිත වර්ධනය කර ගැනීමෙන් පසුවය.
කොමියුනිස්ට් රාජ්‍යයක් වන කියුබාවට පැමිණි පළමු ජපාන අගමැතිවරයා අබේ ය. අබේ සහ ෆිදෙල් කස්ත්‍රෝ හමුවීම ද සුවිශේෂී සිදුවීමක් විය.
කියුබාව උතුරු කොරියාවේ හිතවතෙකි. උතුරු කොරියාව මෙසේ හිතවත්කම් පවත්වන්නේ කියුබාව, රුසියාව සහ චීනය සමඟ පමණි. ඒ, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඔවුන් ලොවෙන් හුදෙකලා කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කටයුතු කර ඇති නිසාය.
ලොවටම තර්ජනයක් වෙමින් උතුරු කොරියාව සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් ජපන් අගමැති සහ කියුබානු හිටපු නායකයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත් විණි.