ජනාධිපති ට්‍රම්ප්ට කොන්ද පණ නෑ
ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ බහුතර බලයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලපෑමට යටත් වුණු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට කොන්ද පණ නැතැයි ඇතැම් රිපබ්ලිකන්වරුන් සගයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.
මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමාවේ ඉදිකිරීමට යෝජනා කළ තාප්පය වෙනුවෙන් ට්‍රම්ප් අයවැය ලේඛනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක් ඇතුළත් කර ඇත.
ඩිමොක්‍රටික්වරුන් මෙම තාප්පය ඉදිකිරීමට තරයේ විරෝධ වෙයි. ඒ අනුව, අයවැය සම්මත කර ගැනීමට නොහැකිව, ඇමෙරිකන් රජය දින 35 ක් අකර්මණ්‍ය විය.
කෙසේ නමුත් පසුගිය 25 වැනිදා, නියෝජි මන්ත්‍රී මණ්ඩලය පමණක් නොව, රිපබ්ලිකන් බහුතරයක් සිටින සෙනෙට් මණ්ඩලය ද ඒකමතිකව තීරණය කළේ ලබන පෙබරවාරි 15 තෙක් තාවකාලිකව ඇමෙරිකන් රාජ්‍ය ආයතන වෙනුවෙන්, ඒවායේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑමට මුදල් වෙන් කිරීමටය.
දැඩි ස්ථාවරයක සිටියත් ට්‍රම්ප් මෙම තීරණයට කැමැත්ත පළ කළේය. ඔහු කියා සිටියේ කොස් හෝ ලබන 15 වැනිදා වනවිට තම තාප්පය වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් කළ යුතු බවය. එසේ නොවුණහොත් යළි ඇමෙරිකා රජය අකර්මණ්‍ය වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ජනාධිපති ට්‍රම්ප් තාවකාලිකව අයවැය සම්මත කිරීමට අනුමැතිය දීමෙන් ඩිමොක්රටික් පාක්ෂිකයන් ජය්‍රහණය කළ බවත්, එය ට්‍රම්ප්ගේ ‘නොසැලෙන’ ප්‍රතිරූපයට හානියක් වූ බවත්, ට්‍රම්ප්ට පක්ෂාතී රිපබ්ලිකන්වරු පෙන්වා දෙති.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)