ජනපති ට්‍රම්ප්ගේ තහනම සංශෝධන සහිතව එයි
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුස්ලිම් රටවලට වැසියන්ට ඇමෙරිකාවට පැමිණීමට එරෙහිව ලබා දුන් තහනම් නියෝගය සංශෝධන සහිතව යළි ඉදිරිපත් කෙරුණි.
නව සංශෝධන අනුව, මෙවර තහනම පැනැවෙන්නේ මුස්ලිම් රටවල් 6 කට පමණි. ඉරාකය එම තහනම් ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. මීට පෙර නිකුත් කළ තහනම් නියෝගය සේම, මෙම සංශෝධිත නියෝගය ද බලපැවැත්වෙන්නේ දින 90 ක් සඳහා පමණි.
ඇමෙරිකන් ආරක්ෂක අංශ සහ සී.අයි.ඒ. බුද්ධි අංශ වාර්තා පාදක කර ගනිමින් සංශෝධන සහිතව එම නියෝගය සකස් කළ බව ජනපති ට්‍රම්ප් පවසා ඇත. එම විධායක නියෝගයට ජනපතිවරයා යළි අත්සන් තැබුවේය.
ඊට අමතරව ඇමෙරිකාවේ සංක්‍රමණිකයන් බාර ගැනීමේ වැඩසටහන් සියල්ල දින 120 ක කාලයක් දක්වා අත්හිටුවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ.
ඔබාමා පරිපාලනය යටතේ ඇමෙරිකාව සංක්‍රමණිකයන් 1,10,000 ක පිරිසක් වාර්ෂිකව ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි ට්‍රම්ප් චෝදනා කරයි.
ට්‍රම්ප් පවසා ඇත්තේ මින් ඉදිරියට එම සංඛ්‍යාව 50,000 තෙක් අඩු කිරීමට කටයුතු කරන බවය.
වොෂින්ටනයේදීය (රොයිටර්)