චීන සොල්දාදුවෝ හොංකොං යති
චීන රජය, චීන හමුදා සොල්දාදුවන් පිරිසක් හොංකොං යැවීමට පියවරගෙන ඇත. හොංකොං ප්රජාතන්ත්රවාදී විරෝධතා ඇරැඹී මාස 5 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර, චීනය හොංකොං බලා තම හමුදා යැවූ පළමු අවස්ථාව මෙයයි.
අතීතයේ චීනයේ කොටසක් වූ හොංකොං පසුව බි්රතාන්ය කොලනියක් විය. බි්රතාන්යයෙන් නිදහස ලැබීමෙන් පසු හොංකොං වෙනම පාලන ප්‍රදේශයක් බවට පත්විය. හොංකොං සඳහා වෙනම පාලක මණ්ඩලයක් ඇත. මෙම පාලක මණ්ඩලයේ සිටින්නේ චීන හිතවාදීන්ය. හොංකොං හි වත්මන් පාලිකාව කැරී ලෑම් ය. ඇය ද චීන හිතවාදියෙකි.
හොංකොං වැසියන් ප්රජාතන්ත්රවාදී විරෝධතා ආරම්භ කළේ පාලිකා කැරී ලෑම් සහ පාලක මණ්ඩලය චීනයට අවශ්‍ය පරිදි නීතිරීති සකස් කරන බවට චෝදනා කරමිනි. විරෝධතා හේතුවෙන් හොංකොං හි දෛනික ජීවිත මුළුමනින්ම අඩපණ විය.
චීන ජනපති ෂී ජින්පින්ගේ උපදෙස් පරිසි චීන හමුදා හොංකොං බලා ගොස් ඇත්තේ හොංකොං නගරය පිරිසුදු කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාය. විරෝධතාකරුවෝ විරෝධතා පවත්වන්නේ රාජ්‍ය ගොඩනැගිලිවලට පහර දී විනාශ කරමිනි. සොල්දාදුවන් සිටින්නේ සිවිල් ඇඳුම්වලින් සැරැසීය. ඔවුන් හොංකොං දේශපාලන කටයුතුවලට හෝ ආරක්ෂක කටයුතුවලට හෝ සම්බන්ධ නොවනු ඇති බව චීනය අවධාරණය කර තිබේ.
හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)