චිලී කැබිනට් මණ්ඩලය විසුරුවයි



දිනෙන් දින උත්සන්න වූ ජනතා විරෝධය හමුවේ, සිය කැබිනට් මණ්ඩලය මුළුමනින්ම විසුරුවා හැරීමට චිලී ජනාධිපති සෙබෙස්තියන් පිනේරා කටයුතු කළේය.

ජනතා හඬට කන් දෙමින්, තමන් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය බවත්, ජනතාව අපේක්ෂා කරන අන්දමින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට තමන් පියවර ගන්නා බවත් චිලී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේය.

චිලී රටේ සැන්ටියේගෝ අගනුවර විරෝධතා පැවැත්වෙන්නේ පසුගිය 25 වැනිදා සිටය. විරෝධතාකරුවන් සාමකාමී අයුරින් විරෝධතා පැවැත්වූ බව වාර්තා විය. ලක්ෂ ගණනක් එම විරෝධතා සඳහා එක් වී සිටි බව ද වාර්තා විය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS