චණ්ඩ මාරුතයෙන් මෙල්බර්න් නුවර 8,000 ක් ලෙඩවෙලා



ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට බලපා ඇති අයහපත් කාලගුණය සමඟ නුවර වැසියන් 8,000 ක පිරිසක් හිටිහැටියේ රෝහල් ගත කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම පිරිස රෝහල් ගත කර ඇත්තේ ස්වසන ආබාධ හේතුවෙන් යැයි ද පැවැසෙයි. වෛද්‍යවරුන් පවසන්නේ ගතවුණු පැය 24 ක කාලයේ, පැවැති චණ්ඩ මාරුතය හේතුවෙන් පරාග අංශු වාතයට මුසුවීමත්, එම පරාග නගරය පුරා පැතිරීමත් නිසා නගර වැසියන් ආත්මිකතාවකට මුහුණදී ඇති බවය.
මෙල්බර්න් නුවරට අධික වර්ෂාවක් සහ තද සුළං තත්ත්වයක් පවතින්නේ පසුගිය සතියේ සිට යැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.


RECOMMEND POSTS