ඛනිජ තෙල් අපනයනය නොකළොත් ලිබියාව දැඩි අනතුරක



ඛනිජ තෙල් අපනයන නැවත ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පීඩාවට පත්ව සිටින ලිබියාව ලබන වසර වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි එරට ජාතික තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානියා ඉකුත්දා පැවැසීය. 

ඛනිජ තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට නොහැකි වුවහොත් රටට අවශ්‍ය මුදල් සොයාගත නොහැකි වනු ඇති බවත් දැනටමත් ලිබියාව මූල්‍ය කඩාවැටීමක් කරා ගමන් කරන සිටින බවත් සංස්ථාවේ ප්‍රධානි මුස්තාෆා සනල්ලා ට්‍රිපොලි අගනුවරදී ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණි. 

“අප තිබෙන්නේ විශාල හිඟයක් සහිත අයවැයක. පසුගිය වසර කිහිපයේදී අපි අපේ සංචිතවලින් අඩකට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා” යැයි වසර දෙකකට පසු ඛනිජ තෙල් නෞකාවක් අපනයනය කිරීමෙන් අනතුරුව සනල්ලා කීවේය.


RECOMMEND POSTS