ඕස්ට්‍රේලියා නාළිකාවට පොලිසිය කඩාපනී
ඕස්ට්‍රේලියාවේ ජාතික පුවත් නාළිකාව වන ‘ඒ.බී.සී.’ නාළිකාවේ මූලස්ථාන ගොඩනැගිල්ලට පොලිසිය කඩා වැදුණු බව වාර්තා වේ.
ඒ, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඕස්ට්ට්රේලියා සොල්දාදුවන් නීති විරෝධී අයුරින් කුඩා දරුවන් සහ කාන්තාවන් ඝාතන කළ බවට 2017 දී එම නාළිකාව කළ විශේෂ අනාවරණය සම්බන්ධයෙනි.
එම අනාවරණය ප්‍රසිද්ධියට පත් කෙරුණේ ‘ද ඇෆ්ගන් ෆයිල්ස්’ යනුවෙනි. පොලිසිය කඩා වැදුණේ කැන්බරා නුවර පිහිටි පුවත් නාළිකා මූලස්ථානයටය.
(අල් ජසීරා)