ඔටුන්න හිමි කුමරු ජපන් අධිරාජ්‍යයා වෙයි
ජපානයේ ඔටුන්න හිමි නරුහිතෝ කුමරු, ලබන මැයි පළමු වැනිදා සිට ජපන් අධිරාජ්‍යයා ලෙස කිරුළු පළඳිනු ඇති බවත්, නරුහිතෝ අධිරාජ්‍යයාගේ පාලන කාලය ‘රෙයිවා’ යුගය ලෙස හැඳින්වෙන බවත් ජපාන රජය නිවේදනය කළේය.
ඒ අනුව, ලබන මැයි පළමු වැනිදා සිට ජපාන කාසි, දින දර්ශන, ලිපි ලේඛන ආදියේ ‘රෙයිවා’ යුගය ලෙස සඳහන් වනු ඇතැයි ද පැවැසෙයි. වත්මන් ජපන් අධිරාජ්‍යයා වන්නේ නරුහිතෝ කුමරුන්ගේ පියා අකිහිතෝය. අකිහිතෝ අධිරාජයාගේ එම ධුර කාලය මෙම අප්‍රේල් 30 වැනිදා අවසන් වෙයි.
ටෝකියෝහිදීය (රොයිටර්ස්)