ඒඞ්ස් රෝගියෙක් වකුගඩුවක් දන්දෙයි
ඇමෙරිකාවේ එච්.අයි.වී. ආසාදිත තරුණියක ඇගේ වකුගඩුවක් තවත් එච්.අයි.වී. ආසාදිතයකුට පරිත්‍යාග කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.
වකුගඩුව පරිත්‍යාග කළ තැනැත්තිය 35 හැවිරිදි නීනා මාර්ටිනේස්ය. එච්.අයි.වී. ආසාදියකුගේ වකුගඩුවක් තවත් එච්.අයි.වී. ආසාදිතයකුට බද්ද කළ පළමු අවස්ථාව මෙය බවත්, එච්.අයි.වී. ආසාදියකුට සිය වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අවසර හිමිවුණු පළමු අවස්ථාව මෙය බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
වකුගඩුව ඉවත් කිරීම සහ බද්ද කිරීමේ සැත්කම සිදුවී ඇත්තේ ඇමෙරිකාවේ මේරිලන්ඞ් පළාතේ බෝල්ටිමෝර් හි ජෝන් හොප්කිංස් රෝහලේදීය. නීනා මාර්ටිනේස්ගේ ඉල්ලීම සහ අවසරය මත වෛද්‍යවරුන් ඇගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය කර ඇත. සැත්කම සිදු කළේ වෛද්‍යවරුන් දෙපළකගේ මැදිහත් වීමෙනි. ඩෝරි සෙගේව් සහ ක්‍රිස්ටීන් ඩුරාන්ද් එම වෛද්‍යවරුන් දෙදෙනාය.
බොල්ටිමෝර් (ඒ.එෆ්.පී.)