එක්වී නව රජයක් පිහිටුවයි
කුමන්ත්රණයකින් බලයට ආ සුඩාන හමුදාවේ ‘අන්තර්වාර හමුදා පාලක මණ්ඩලය’ සහ සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී නව රජයක් පිහිටුවීමට තීරණය කළේය.
ඒ අනුව, දිනෙන් දින දිග්ගැස්සෙන්න වූ දේශපාලන අර්බුදය අවසන් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම සාකච්ඡා සාර්ථක වූයේ අප්රිකා සංගමයේ මැදිහත් වීමෙනි.
මේ අතර හමුදා කුමක්ත්රණයෙන් බලයෙන් නෙරපා දැමුණු සුඩාන ජනාධිපති අල් බෂීර්ට එරෙහි දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිතය.
(අල් ජසීරා)