උතුරු කොරියාව දිගටම මිසයිල අත්හදා බලයි
ඇමෙරිකාව සහ දකුණු කොරියාව, කොරියා අර්ධද්වීපය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට සූදානම් ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය දක්වමින්, උතුරු කොරියාව දිගින් දිගටම කෙටි දුර මිසයිල අත්හදා බැලීම් සිදු කරන බවත් ඊට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියාව පවසා ඇත්තේ තමන් විරෝධය පළ කරන්නේ දකුණු කොරියාවට පමණක් කියාය. ඊට හේතුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ පවතින යහපත් සබඳතා අවසන් වේවි යැයි බියක් පවතින බැවිනි.
උතුරු කොරියාව මේ වනවිට නව මාදිලියේ මිසයිල පද්ධතියකට අයත් මිසයිල තුනක් අත්හදා බලා ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)