ඉන්දුනීසියා අගනුවර වෙනස් වෙයි



ඉන්දුනීසියා දූපත් රාජ්‍යයේ නව අගනුවර බෝනියෝ දූපතට ගෙන යෑමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ සූදානම් වෙයි.

ඉන්දුනීසියාව යනු ආසියාවට අයත් දූපත්වලින් සැදුම්ලක් රාජ්‍යයකි. මේ වනවිට ඉන්දුනීසියාවේ අගනුවර ලෙස සැලකෙන්නේ ජකර්තාය. ඉදිරියේ දී නව අගනුවර යනු ඇත්තේ බෝනියෝ දූපතේ නැගෙනහිර කෙළවරේ කලිමන්ටාන් ප්‍රාන්තයේ ඇති හෙක්ටයාර් 1,80,000 ක භූමි ප්‍රදේශයක් යැයි ජනාධිපතිවරයා පවසා ඇත.

බෝනියෝ ඉන්දුනීසියාවට අයත් පරිසර පද්ධතිවලින් සුසැදි වානාන්තරවලින් ගහන දූපතකි. නව අගනුවර ඉදිකෙරෙනු ඇත්තේ පරිසරයට අවම හානියක් සිදු කරමින් යැයි ඉන්දුනීසියා ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ජකර්තා නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS