ඉන්දුනීසියාව ප්රබල භූමි කම්පාවකින් කැලඹේ
ඉන්දුනීසියාවේ උතුරු මොලුක්කා දූපත් සමූහයට ඔබ්බෙන් මුහුදු පතුළේ ප්රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්රබලත්වය රික්ටර් පරිමාණායේ ඒකක 7.1 ක් ලෙස සටහන් විය.
භූමි කම්පාවත් සමඟ ඉන්දුනීසියාවට අයත් දූපත්වලට පමණක් නොව කලාපීය අසල්වැසි රටවල් සහ දූපත්වලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. කෙසේ නමුත් පැය කීපයකය පසු එම අනතුරු ඇඟවීම් ඉවත් කෙරුණු බව ද පැවැසෙයි.
භූමි කම්පාවත් සමඟ ඉන්දුනීසියා වැසියෝ මහත් සේ බියට පත් වූහ. ප්රධාන භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන 20 ක් පමණ හටගත් බව ද පැවැසෙයි. සුලවේසී දූපත ද භූමි කම්පාවෙන් දෙදරා ගොස් ඇත.
නිවාස කීපයකට සහ ගොඩනැගිලි කීපයකට අනතුරු සිදුවුවත්, භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොල හානි හෝ සිදු නොවුණු බව පැවැසෙයි. ප්රදේශ රැසක් වැසියන් විදුලි බලය නොමැතිව පීඩාවට පත් ව සිටින බව ඉන්දුනීසියා පුවත් සේවා වාර්තා කරයි.
ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)