ඉන්දීය විදෙස් ඇමැති කරුණු පහදයි



ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කරමින්, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කරුණු දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, එක්සත් රාජධානිය, චීනය, ප්‍රංශය සහ රුසියාවය. ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය පසුගිය වසර 70ක කාලය පුරාවට ක්‍රියාත්මක වූයේ ‘තාවකාලිකව’ බවත්, දැන් එය ඉවත් කර ඇත්තේ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කාලය එළඹී ඇති නිසා බවත් ඉන්දීය විදෙස් ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරමින් පවසා ඇත.

370 වැනි වගන්තිය ඉන්දීය ව්‍යවස්ථාවට එක් කරනු ලැබ තිබුණේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉන්දීය ජනාධිපතිවරයාට එය වෙනස් කළ හැකි අයුරින් යැයි ද ඉන්දීය විදේශ ඇමැතිවරයා පෙන්වා දී ඇත.

නවදිල්ලියේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS