ඉන්දීය යානයට පාකිස්තානයේ උදවු
ඉන්දියාවේ ජායිපූර් සිට ඕමානයේ මුස්කට් බලා පියාසර කරන්න වූ මගී යානයකට පාකිස්තාන ගුවන් ගමන් පාලන අධිකාරියේ සහාය හිමිවී ඇත.
මුස්කට් ගිය මගී ගුවන් යානය වැහි කුණාටුවකට මුහුණ දුන්නේය. ඒ, පාකිස්තානයේ සින්ද් පළාතට නුදුරිනි. ඉන්දීය යානයේ නියමුවෝ කුණාටුවෙන් බේරීමට උදවු ඉල්ලුවේය.
අවශ්‍ය උපදෙස් දෙමින්, ඉන්දීය මගී යානයට කුණාටුව මඟ හැර යෑමට සහාය දැක්වූයේ පාකිස්තාන ගුවන් ගමන් පාලන අධිකාරියයි. පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ වනවිට අර්බුදයක් පවතී. ඒ, ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින නොහොඳ නෝක්කඩු හේතුවෙනි.
(එන්.ඩී.ටීවී.)