ඉන්දීය දියමන්ති ව්‍යාපාරිකයා යුවතියන් 230 ක් විවාහ කරදෙයි
පිය සෙනෙහස අහිමි, කුලහීන දිළිඳු පවුල්වල යුවතියන් 230 දෙනකු දෑවැදි සමඟ විවාහ කරදීමට ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන මහේෂ් සවානී පසුගිය නත්තල් දා කටයුතු කළේය.
මහේෂ් සවානී 48 හැවිරිදි දියමන්ති ව්‍යාපාරිකයෙකි. ගුජරාටයේ සුරාත් පළාතේ ජීවත් වන යුවතියන් 230 දෙනකු සවානි විසින් එසේ විවාහ කර දෙනු ලැබූහ. ඒ නිමිත්තෙන් මහා විවාහ මංගල උත්සවයක් ද පැවැත්වුණු අතර නව යුවල වෙනුවෙන් මුදල් තෑගි පවා සවානී පරිත්‍යාග කළේය.
පියා නොමැති නිසා ගුජරාඨයේ සම්ප්‍රදායට අනුව එම යුවතියන්ට විවාහ වීම ගැටලුවක් වී තිබුණි. මහේෂ් සවානී එම යුවතියන්ගේ කැපකරු පියා ලෙසින් පෙනී සිට මංගල උත්සවය සිදුකර ඇතැයි ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.
සවානී මැදිහත් වී, 2014 වසරේදී යුවතියන් 111 දෙනකු වෙනුවෙන් ද පසුගිය 2015 දී 151 දෙනකු වෙනුවෙන් ද මංගල උත්සව පැවැත්වූ බව ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කරයි.
(එන්.ඩී.ටීවී. ඇසුරිනි)