ඉන්දීය ගුවන් යානයක් ලිස්සා අනතුරේ
පනාජීහිදීය (එන්.ඩී.ටීවී. ඇසුරිනි)
මුම්බායි නුවර බලා පියාසර කිරීමට නියමිත ඉන්දීය ගුවන් යානයක් ගෝවහි ඩබොලිම් ගුවන්තොටුපොළේදී ලිස්සා අනතුරට පත්වීමෙන් එහි සිටි මගීහු 15 දෙනෙක් තුවාල ලැබූහ.
අනතුරට පත්වූයේ ඉන්දීය අභ්‍යන්තර ගුවන් යානයකි. යානය ජෙට් එයාර්වේස් ගුවන් සේවයට අයත් එකකි. යානය 26 වැනිදා සවස මුම්බායි නුවර බලා පියාසර කිරීමට සූදානම් වී, ධාවන පථයට පිවිස වේගය වැඩි කළ අවස්ථාවේදී ලිස්සා ගොස් ඇත.
ලිස්සා ගිය යානය පාලනය කර නවත්වා ගැනීමට නියමුවෝ සමත්වූහ. එසේ නොවුණා නම් මහ විනාශයක් වීමට ඉඩ තිබුණේ යැයි ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් සඳාඑන් කරයි.
අනතුර සිදුවෙද්දී යානයේ නියමුවන් සහ කාර්ය මණ්ඩලයට අමතරව, මගීහු 161 සිටියහ. යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ 15 දෙනා කඩිනමින් රෝහල් ගතකිරීමට ඩබොලිම් ගුවන්තොටුපොළ බලධාරීන් මැදිහත් වුණැයි ද වාර්තා වේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, කිහිපදෙනකුගේ අස්ථි බිඳීම් සිදුවී ඇති බවත් ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කර ඇත.