ඉතාලි අගමැතිගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
(එන්.ඩී.ටීවී.)
හඳුන්වා දීමට සැරැසුණු නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයෙන් පරාජය වීමත් සමඟ ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ ඉතාලි අගමැති මැටියෝ රැන්සි සිය ඉල්ලා අස්වීම එරට ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාට පසුගිය දා නිල වශයෙන් භාර දුන්නේය.
අගමැති මැටියෝ රැන්සි උත්සාහ ගත්තේ ඉතාලි අගමැතිවරයා සතු බලතල වැඩි කර ගනිමින්, සෙනෙට් මණ්ඩලයේ බලතල සීමා කිරීමටය. ජනමත විචාරණයේ දී ජනතාව මීට විරෝධය දක්වමින් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ඉතාලි විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලම අගමැතිවරයාගේ මෙම නව ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කළේය.
ජනමත විචාරණය පැවැත්වූයේ පසුගිය සති අන්තයේය. ඉකුත් සඳුඳා (5) මැටියෝ රැන්සි කියා සිටියේ තමන් ධුරයෙන් ඉවත් වන බවය. ඒ අනුව, රැන්සි ඉතාලි ජනාධිපතිවරයාට ඒ බව දැනුම් දුන්නේය. එම අවස්ථාවේදී ජනපතිවරයා ඉල්ලි සිටියේ 2017 වසරේ අයවැය නෙසෙට් මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කරගන්නා තුරු ධුරයේ සිටින ලෙසය.
ඒ අනුව පෙරේදා දිනයේ දී සියයට 59 ක් සහ 41 ක් වශයෙන් අයවැය සම්මත කර ගැණුනු අතර ඉන්පසු රැන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
මේ වනවිට ඉතාලි දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඉතාලි ජනපතිවරයාට විකල්ප දෙකක් ඇති බවය.
රැනිස් නියෝජනය කරන ‘ප්රජාතන්ත්රවාදී’ පක්ෂයට අවස්ථාව දී, පක්ෂය තුළින් අගමැති ධුරයට අපේක්ෂකයකු තෝරා පත් කරගෙන පවතින රජය දිගටම පවත්වාගෙන යෑමට ඉඩ සළසා දීම පළමු විකල්පයයි. දෙවැනි විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමය.
රැන්සි නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සකස් කළේ යුරෝපා සංගමය තුළ ඉතාලිය දිගටම රැඳී සිටීමට හැකි අයුරිනි. කෙසේ නමුත් විපක්ෂයෙන් දිගටම බලපෑම් එල්ල වෙමින් ඇත්තේ මහා බ්‍රිතාන්‍යය කළ අයුරින් ඉතාලිය ද යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවය.