ඇෆ්ගනිස්තානයෙන් සෙබළු ඉවත් කරගන්නවා



ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන්ගෙන් හරි අඩක් ද ලබන ඇමෙරිකන් මැතිවරණයට පෙර යළි ගෙන්වා ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බව ධවල මන්දිරය කියයි.

ඇෆ්ගනිස්තානයේ මේ වනවිට ඇමෙරිකා සෙබළු රඳවා ඇත්තේ, ඇෆ්ගන් රජයේ සහ හමුදාවේ උපදේශකයන් ලෙස පමණි. ඇමෙරිකාව මේ වනවිට උත්සාහ ගනිමින් සිටින්නේ, ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමටය.

තලේබාන් නියෝජිතයන් සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඇමෙරිකාව පවසා තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS