ඇමෙරිකා - රුසියා සබඳතා දැඩි අර්බුදයක
රුසියාවේ සහාය ලැබෙන සිරියානු රජයේ හමුදා එල්ල කරන ප්රහාර සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ඔබාමා පරිපාලනය සැරසෙමින් සිටින බව වාර්තා වේ. සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන් රුසියාව හා ඇමෙරිකාවට එකඟත්වයකට පැමිණීමට නොහැකි වීමත් යුක්රේන හා සයිබර් අවකාශයේ සිදුවන සිදුවීම් නිසාත් රුසියාවත් ඇමෙරිකාවත් අතර නොහොඳ නෝක්කාඩුකම් ඇති වී තිබේ. රුසියාවේ සහය ලබමින් සිරියානු රජයේ හමුදා එල්ල කරන ප්රහාරවලට එරෙහිව දැඩි පියවර ගන්නට එම කරුණු හේතුවන්නට ඇතැයි ද පැවසේ.
සිරියානු රජයේ හමුදාවේ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් අතර නිල මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති අතර කෙසේ වෙතත් අවසන් නිර්දේශ තවමත් ජනාධිපති බැරැක් ඔබාමා වෙත යොමු කර නැතැයි ද වාර්තා වේ. මෙහිදි සිරියාවේ සිවිල් යුද්ධයට එරට ජනාධිපති බෂීර් අල් අසාද් වගකිව යුතු යැයි ද ඇමෙරිකා පාර්ශවයෙන් චෝදනා එල්ල වී ඇත.
ඇලෙප්පෝ නුවර සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්රහාර එල්ල කිරීමට සිරියාව පමණක් නොව රුසියාව ද වගකිව යුතු බව පවසා ඇති ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය ලේකම් ජෝන් කෙරි රුසියාව සමඟ ඇති රාජ්ය තාන්ත්රික සබඳතා නවන්වන බව පසුගිය අවධාරණය කළේය.