ඇමෙරිකා යුදෙව්වන්ට වෙඩි ප්‍රහාරයක්



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තිදෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි ප්‍රහාරය එල්ල වූයේ සැන් දියේගෝ නගරයේ චබාබ් නමැති යුදෙව් සම්මුති ශාලාවටය.

වෙඩි තැබීම කළ බවට සැකකෙරෙන තරුණයා පලා ගොස් ඇති නමුත්, පොලිසිය පසුව කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බව පැවැසිණි. වෙඩි තැබීම කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකි.

සැන් දියේගෝ ෂෙරිෆ් කාර්යාලය (පොලිසිය) පවසන්නේ, තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්ය. වෙඩි තැබීම කළ තරුණයා ඒ සඳහා යොදා ගෙන ඇත්තේ ඒ.ආර්.15 වර්ගයේ ගිනි අවියක් බව ද ෂෙරිෆ් කාර්යාලය වැඩි දුරටත් කියා සිටී.

යුදෙව් සම්මුති ශාලාවට එල්ල වුණු වෙඩි ප්‍රහාරය හෙළා දකිමින්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ එය කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

මීට මාස 6 කට පෙර, පිට්ස්බර්ග් හි යුදෙව් සම්මුති ශාලාවකට කඩා වැදුණු අයකු කළ වෙඩි තැබීමකින් ඇමෙරිකාවේ යුදෙව්වන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකාවේ යුද්වේ ජාතිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවුණු දරුණුතම ප්‍රහාරය වූයේ එයයි.

සැන් දියේගෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS