ඇමෙරිකානු ඩ්‍රෝන සබ්මැරිනයක් චීන නාවික හමුදාව අතට



ඇමෙරිකා නාවික හමුදාවට අයත්, නියමුවන් රහිත දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක් (කුමුඳුවක්) චීන නාවික හමුදාව අතට පත්වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම ඩ්‍රෝන කුමුඳුව ඔත්තු බැලීමට ඇමෙරිකන් නාවික හමුදාව විසින් යොදා ගන්න ඇතැයි සැක කෙරේ. ඇමෙරිකාව පවසා ඇත්තේ ‘බෝඩිච්’ යනුවෙන් නම් කළ එම කුමුඳුව සාගර පතුළ ගවේෂණයට භාවිතා කළ බවය.
කුමුඳුව චීන නාවික හමුදාව විසින් අත්පත් කරගෙන ඇත්තේ, එය දකුණු චීන මුහුදේ ගමන් කරද්දී යැයි ද පැවැසෙයි.
තම සබ්මැරීනය ආපසු දෙන්නැයි ඇමෙරිකන් රජය චීන රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS