ආසියාන් රාජ්ය නායක සමුළුවට ට්රම්ප් නෑ
තායිලන්තයේ බැංකොක් අගනුවර පැවැත්වීමට නියමිත ‘ආසියාන්’ හෙවත් දකුණු ආසියා රාජ්ය නායකයන්ගේ සමුළුවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහභාගී නොවනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ආසියාන් සමුළුව පැවැත්වෙන්නේ ලබන 3 සහ 4 දෙදිනය. ජනපති ට්රම්ප් වෙනුවට ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්රයන් සමුළුවට සහභාගී වනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.
ආසියාන් සමුළුව පැවැත්වෙන්නේ කලාපීය ආරක්ෂාව සහ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. ආසියාන් සමුළුවට සමගාමීවථ ඉන්දු පැසිෆික් ව්යාපාරික සන්සදයේ විශේෂ සමුළුවක් ද පැවැත්වෙයි. එම සමුළුවට ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් නියෝජනය කරමින්, ඉදිරිපත් වන්නේ රොබට් ඕ බ්රයන්ය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)