අවසන් බි්රක්සිට් යෝජනාව යුරෝපා සංගමයට
බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් සකස් කළ අවසන් බි්රක්සිට් යෝජනාව යුරෝපා සංගමයට ඉදිරිපත් කෙළ්ය.
පිටු හතකින් සමන්විත එම බි්රක්සිට් යෝජනාව හරහා අයර්ලන්තයට සහනයක් ලබා දීමට අගමැති ජොන්සන් පියවර ගෙන ඇත. මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම බි්රක්සිට් යනුවෙන් හැඳින්වෙයි. අයර්ලන්තය මහා බි්රතාන්යයේ කොටසකි.
බි්රක්සිට් කි්රයාවලිය අවසන් කිරීම මෙම 31 වැනිදාට පෙර කළ යුතුව ඇත. පාර්ලිමේන්තුව ද කල් දමමින්, අගමැති ජොන්සන් මීට පෙර උත්සාහ ගත්තේ, ගිවිසුමකින් තොරව, මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමටය. කෙසේ නමුත් මීට විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් පමණක් නොව, ජොන්සන්ගේ පාලක කොන්සවටිව් පක්ෂයෙන් ද විරෝධයක් එල්ල විය.
ලන්ඩනයේදී (රොයිටර්ස්)