අර්බුදය විසඳගන්න සාකච්ඡා කරනවා
නයිල් නදිය හරස් කරමින්, ඉදිවන වේල්ල සම්බන්ධයෙන් හටගත් අර්බුදය විසඳා ගැනීමට ඉතියෝපියා රජය සමඟ යළිත් වරක් සාකච්ඡා ආරම්භ කළේ යැයි ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී පවසා ඇත.
වේල්ල ඉදිකරන්නේ ඉතියෝපියාවය. ඒ, ඉතියෝපියා වැසියන්ගේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙසය. වේල්ල සඳහා බිලියන 5 ක මුදලක් වැය වන අතර මේ වනවිටත් වේල්ලේ වැඩ කටයුතුවලින් සියයට 70 ක් අවසන් වී තිබේ. වේල්ල ඉදි කළොත්, එයින් ඉතියෝපියා වැසියන් මිලියන සියයකගේ විදුලිය අවශ්‍යතා සැපිරෙනු ඇති බව ඉතියෝපියා රජය පෙන්වා දෙයි.
නයිල් නදිය ප්‍රධාන වශයෙන් ගලා බසින්නේ ඊජිප්තුව හරහාය. වේල්ල නිම කළොත්, තමන්ට ලැබෙන ජලය ප්‍රමාණය සැලකිය යුතු මට්ටකින් අඩුවන බව ඊජිප්තුව චෝදනා නගයි. ඊජිප්තු ජනාධිපති අල් සීසී මීට පෙර අවස්ථා කිහිපයකදී, ඉතියෝපියා අගමැති ඇබි සමඟ වේල්ල තැනීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වුවද එම සාකච්ඡා අසාර්ථක විය.
තම මිරිදිය ජලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉතියෝපියාවට එරෙහිව හමුදාව මෙහෙයවීමට තමන් සූදානම් යැයි ඊජිප්තු ජනාධිපති අල් සීසී පවසා ඇති අතර, මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින ඉතියෝපියා අගමැති ඇබි අහ්මද් පවසා ඇත්තේ ඊජිප්තුව සමඟ යුද වැදීමට පවා පසුබට නොවන බවය.
කෙසේ නමුත් යුද්ධ කිරීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවද සාකච්ඡා මාර්ගයෙන් පවතින අර්බුදය නිරාකරණය කර ගැනීමට තමන් පියවර ගන්නා බවද ඉතියෝපියා අගමැති ඇබි අවධාරණය කළේය. යළිත් වරක් ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර සාකච්ඡා ඇරැඹුණේ ඒ අනුවය.
සැන්ෆ්රැන්සිස්කෝහිදීය (රොයිටර්ස්)