අයි.එස්. දෙවැනියත් මරලා දැම්මා
අබු බකර් අල් බැග්ඩෑඩි පමණක් නොව, බැග්ඩෑඩිගේ දෙවැනියා ලෙසත් මීළඟ අයි.එස්. නායකයා වීමට ඉඩ තිබුණු අබු අල් හුසාන් අල් මුහජීර් ද මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය
අබු අල් හුසාන් අල් මුහජීර් යනු අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෙවැනියා පමණක් නොව, සන්නිවේදන අංශය බාරව සිටි ප්රධානියාය. බැග්ඩෑඩිගෙන් පසු අයි.එස්. නායකත්වය මොහුට හිමිවනු ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ මීට පෙර අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබුණි.
ඇමෙරිකන් හමුදා අබු අල් හුසාන් අල් මුහජීර් මරා දමා ඇත්තේ, බැග්ඩෑඩි මරා දැමීමෙන් දිනකට පසු සිරියාවේ සිදු කළ මෙහෙයුමකදී යැයි ද පැවැසෙයි. එම මෙහෙයුම සම්බන්ධ විස්තර ජනපති ට්‍රම්ප් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ නැත.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)