අතුරු මැතිවරණයෙන් නව අගමැතිට පරාජයක්



මහා බි‍්‍රතාන්‍යයේ පැවැති අතුරු මැතිවරණයකින් නව අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ කොන්සවටිව් පක්ෂයට පරාජය හිමිවිය.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමේ අරමුණින්, පාලක කොන්සවට්ව් පක්ෂය තෝරාගත් අපේක්ෂකයා වූයේ බොරිස් ජොන්සන්ය. පක්ෂ නායකත්වය හිමිවීමත් සමඟ ජොන්සන්ට බි‍්‍රතාන්‍ය අගමැති ධුරය හිමිවිය. බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හොබවන්නේ පාලක පක්ෂයේ නායකයාටය.

මැතිවරණය පැවැත්වූයේ බ්‍රෙකොන් සහ රැුඩොන්ෂයර් පළාත්වලය. මෙම පළාත් ප‍්‍රසිද්ධ බැටළු ගොවිපොලවලටය. මෙය නව අගමැති ජොන්සන්ගේ ජනපි‍්‍රයත්වය උරගා බැලීමේ මැතිවරණයක් වූ බවත් ලැබූ පරාජය සම්බන්ධයෙන් අගමැති ජොන්සන්ට දෙවරක් සිතන්න සිදුවනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයාය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS