හිලරි පරදින බව ඔබාමා දැනගෙන ඉදලා



වොෂින්ටනයේදීය තම සහාය නොඅඩුව පළ කළ තම පාක්ෂික හිලරි ක්ලින්ටන් ජනපතිවරණයෙන් පරාජය වන බව වත්මන් ජනපති බැරැක් ඔබාමා දැන සිටි බවට සැකයක් මතුවෙනවා යැයි මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
මේල් ඔන් ලයින් පුවත් වෙබ් අඩවිය මෙසේ කියන්නේ ජනපතිවරණය දා රාත්‍රියේ, එනම් 8 වැනිදා කළ ප්‍රකාශයක් හේතුවෙනි. ඔබාමා ඒ වනවිට හිලරි ක්ලින්ටන්ට ඡන්දය දෙන්නැයි ඇගේ රැලිවලට සහභාගී වී ජනතාවට පවසා තිබුණි.
ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු කෙමෙන් කෙමෙන් අවසන් වෙද්දී 8 වැනිදා රාත්‍රියේ ඔබාමා මාධ්‍ය කිහිපයක් හමුවේ පවසා ඇත්තේ ‘අද දිනයේ මොනවායින් මොනවා වුණත්, හෙට දිනයේ ඉර පායාවි.’ කියාය. හිලරි ජයග්‍රහණය කරන බවක් හෝ ඒ ගැන අපේක්ෂාවක් හෝ එම අවස්ථාවේදී  ඔබාමා තුළ තිබී නැතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


RECOMMEND POSTS