හිලරි ජනපති වුණොත් මහ විනාශයක්: ට්‍රම්ප් කියයි



 

 

(රොයිටර්)
ජනාධිපතිවරණයට පෙර තීරණාත්මක ජනපද ලෙස සැලකෙන ෆ්ලොරීඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා, නිව් හැම්ස්ෆියර් සහ මිචිගන් යන ජනපදවල අවසන් ජන රැළි පවත්වමින්, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කළේ හිලරි ක්ලින්ටන් ජනපති ධුරයට පත්වුවහොත් ‘එය මහ විනාශයක්’ වනු ඇති බවය.
තම පක්ෂ ආධාරකරුවන් අමතමින්, ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේ හිලරි ජයග්‍රහණය කළොත්, ජනපතිවරණය වෙනුවෙන් වැය කළ මුදල් සහ කාලය අපතේ යන බවත්ය.
රිපබ්ලිකන් පක්ෂයේ ජය තහවුරු කරමින්, තමා ජනපති ධුරයට පත් කර, ඇමෙරිකානුවන්ට හිමි තැන යළි ලබා ගැනීමට කටයුතු කරන්නැයි ට්‍රම්ප් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

RECOMMEND POSTS