හිලරි හිරේ දමන්න ඕනෑ - රිපබ්ලිකන් දැඩි මතධාරීහු පවසති



(රොයිටර්/ඬේලිමේල්)
ඊ මේල් අවභාවිතා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්, ඇමෙරිකාවට ද්‍රෝහියකු බවත් ඇය අල්ලා හිරේ දැමිය යුතු බවත් නිව්යෝක් මැන්හැටන් ප්‍රදේශයේ දැඩි මතධාරී රිපබ්ලිකන්වරු කියති.
ඔවුන් එසේ කියා සිටියේ ට්‍රම්ප් ලැබූ ජය සමරමිනි. හිලරි ක්ලින්ටන් ඊ මේල් අවභාවිතා කළේ යැයි චෝදනා එල්ල වී ඇති නමුත් එෆ්.බී.අයි. කාර්යාංශය පවසා ඇත්තේ ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු අපරාධයක් කර නොමැති බවය.
ජනපතිවරණයට පෙර විවාදවලදී ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් හිලරිට චෝදනා එල්ල කළේය. තමා ජනපති වුවහොත් හිලරිට එරෙහිව විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇයට දඬුවම් ලබා දෙනවා යැයි ට්‍රම්ප් පැවැසීය.


RECOMMEND POSTS