හිලරි - ට්‍රම්ප් ඡන්ද පොළේ



 
 (ඒ.එෆ්.පී)
විදෙස් පුවත් සේවා එෛතිහාසික මැතිවරණය ලෙස හඳුන්වන ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (8) ඡන්ද භාවිත කළහ. 
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ස්වාමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ නිව්යෝක් නුවර, චැපකුවා හි ඩග්ල්ස් ග්‍රැෆින් ප්‍රාථමික පාසලේදී ඡන්ද භාවිත කළහ. 
රිපබ්ලික් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ද බිරිඳ මෙලනිය ට්‍රම්ප් සමඟ නිව්යෝක් සිටිහිදි ඡන්දය ප්‍රකාශ කළහ. 
එමෙන්ම වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (8) උදෑසන පැසිපන්දු ක්‍රීඩාවේ නිරත වූ බවත්, එය ඔහු 2008 වසරේ සිට කරන පුරුද්දක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එය එක්තරා ආකාරයක ඇදහිල්ලක් යැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 

RECOMMEND POSTS