ලෝකය වළපල්ලට ගියා - ට්‍රම්ප්ට දිගට හරහට විවේචන



(ප්‍රංශ විදේශ ඇමති ජින් මාරක් අයිරෝ)

 (රොයිටර්)

ඇමෙරිකා ජනපතිවරණයෙන් මුළු ලොවම පුදුමයට පත් කරමින් ජයග්‍රහණය කළ ඩොනල්ඞ් ට්‍රම්ප්ට සෙසු රටවලින් සුබ පැතුම් පමණක් නොව දෝෂාරෝපණ ද එල්ල වෙමින් පවතී. 
ප්‍රංශ රජය වෙනුවෙන් එරට විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ, ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති වීම අපේ ඇස් පනා පිටම ලෝකය වළපල්ලට යෑමක් කියාය.
ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු පැයක් ඇතුළත ඔහුට සුබ පැතුවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. ඇමෙරිකාව සමඟ යළිත් මිතුදම් වර්ධනය කර ගනිමින් හොඳ ඉදිරි ගමනක් යෑමට හැකි වනු ඇතැයි එහිදී පුටින්, ඩොනල්ඞ් ට්‍රම්ප්ට පවසා ඇත.
මේ අතර, ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ යුරෝපා සංගමය තුළ කැළැඹීමක් නිර්මාණය වී ඇත. යුරෝපා රටවල් රැසක් ලබන වසරේ ඔවුන්ගේ නියෝජිතයන් ඇමෙරිකාවට එවීමටත්, ඇමෙරිකාව සමඟ පවතින වෙළෙඳ ගනුදෙනු දිගටම පවත්වා ගෙන යෑමටත් කටයුතු කරන බව යුරෝපා සංගමය පවසයි.
මහා බ්‍රිතාන්‍යය යුරොපා සංගමයෙන් ඉවත් විය යුතු බවත් එසේ ඉවත්වීමට ගත් තීරණය නිවැරදි බවත් ට්‍රම්ප් පවසා තිබුණි. ඔබාමා ඊට විරෝධය පළ කර තිබුණි. යුරෝපා සංගමය බිය පළ කරන්නේ ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඇමෙරිකාව වැඩි වැඩියෙන් බ්‍රිතාන්‍යය සමඟ ගනුදෙනු කරනු ඇති බවටය.

RECOMMEND POSTS