පරාජයෙන් පසු හිලරි සැඟවිලා - ආධාරකරුවෝ හඬා වැළපෙති



 (රොයිටර්/ඬේලිමේල්)
ලැබූ පරාජයෙන් පසු පක්ෂ ආධාරකරුවන්ට හෝ සෙසු ලෝකයට හෝ මුහුණ දීමට නොහැකිව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ද ලොවට මුහුණ සීමට නොහැකිව ‘හුදෙකලා වී’ සිටින බව ඇමෙරිකන් පුවත් සේවා  වාර්තා කළේය.
ඇගේ පක්ෂ ආධාරකරුවන් ද පරාජිතව, හඬමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප සහ දසුන් මේ වනවිට ඇමෙරිකන් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.
ඇමෙරිකන් පුවත් සේවා අනාවැකි පළ කළේ හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරනු ඇතැයි කියාය. ඒ, ප්‍රතිවාදී ඩොනල්ඞ් ට්‍රම්ප් මෙන් නොව, ඇය පැහැදි දැක්මක් සහිතව ජනපති සටනට අවතීර්ණ වී සිටි නිසාය.
හිලරිට අවාසියක් වූයේ ඇගේ ඊ මේල් අවභාවිතා සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ එෆ්.බී.අයි. කාර්යාංශය කියා සිටියේ හිලරි කිසිදු අපරාධයක් සිදු කර නැති බවය. එසේ වුවත් අවසන් ප්‍රතිඵලවලින් තහවුරු වූයේ එම සිදුවීම දැඩි වශයෙන් හිලරිගේ පරාජයට හේතුවක් වුණු බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.


RECOMMEND POSTS