ධවල මන්දිර සටනේ ප්‍රතිඵල නිකුත් වීම ඇරැඹේ




45 වැනි ජනපතිවරයා තෝරා ගැනීමට පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීම මේ වනවිට ආරම්භ වී ඇත.
ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වූයේ නිව් හැම්ස්ෆියර් ජනපදයෙනි. ඡන්ද ප්‍රකාශ කටයුතු ඊයේ (8) පළමුවෙන්ම ආරම්භ වූයේ ද මෙම ජනපදයෙනි. පළමු ඡන්ද ප්‍රතිඵල අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටී.
ඊයේ දිනයේ ඡන්ද ප්‍රතාශ කිරීම ආරම්භ වුණු අවස්ථාවේදී උදෑසනින්ම (ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 9) ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හිලරි ක්ලින්ටන් කටයුතු කළාය. ඇයට සහාය දක්වමින් ඇගේ සැමියා මෙන්ම හිටපු ජනපති බිල් ක්ලින්ටන් ද එම අවස්ථාවට එක්වී සිටියේය. ට්‍රම්ප් සිය බිරිඳ සමඟ ඡන්දය ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 10 ටය.
ඉන්දියානා, කෙන්ටකී යන ජනපදවල මූලික ප්‍රතිඵලවලට අනුව ද රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ඉදිරියෙන් සිටී. වර්මොන්ට් ඡන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ය.
මිලියන 220 ක ජනගහනයක් ඇති ඇමෙරිකාවේ මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රතාශ කිරීමට මිලියන 140 ක් සුදුසුකම් ලබා සිටියහ. ඇමෙරිකන් ජනපතිවරණයෙන් ජයගන්නේ කවුරුදැයි මේවනවිට මුළු ලොවම දෑස් දල්වා බලා සිටින බව විදෙස් පුවත්  සේවා වාර්තා කරයි.


RECOMMEND POSTS