ට්‍රම්ප් බිරිය ඔබාමා බිරිය හමුවෙලා



 
 
 
 (රොයිටර්)
සාම්ප්‍රදායිකව ජනපති ධුරයට පත්වීමට නියමිත ජනපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී, ඔහු සමඟ ජනපති ආර්යාව බවට පත් වන බිරිය මෙලානියා ට්‍රම්ප් ද පැමිණි අතර, සාම්ප්‍රදායිකව ඇය වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමට ඔබාමා බිරිය මිෂෙල් ඔබාමා කටයුතු කළාය.
ඔබාමාත්, බිරිය මිෂෙල් ඔබාමාත් හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ රැළිවලට එක්වෙමින් ට්‍රම්ප් සහ බිරිය මෙලානියා විවේචනය කළහ. කෙසේ නමුත් ජයග්‍රහණයෙන් පසු, එදිරිවාදිකම් පසෙකළා සම්ප්‍රදාය අනුව මෙලානියා ට්‍රම්ප් උණුසුම් ලෙස ධවල මන්දිරයට පිළිගෙන ඇයට තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ මිෂෙල්, ඇයට සුබ පැතීමට ද අමතක නොකළාය.

RECOMMEND POSTS