ට්‍රම්ප් ධවල මන්දිරයේදී ඔබාමා හමුවෙයි



 (රොයිටර්)

ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමුගැනීමට නියමිත ජනාධිපති බැරැක් ඔබාමා අතරේ හමුවක් ඊයේ (10) ධවල මන්දිරයේදී පැවැත්විණි. ඒ, ඇමෙරිකාවේ සම්ප්‍රදායට අනුව, ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය. 
ට්‍රම්ප් සැලකෙන්නේ ඩිමොක්‍රටික් අපේක්ෂක ඔබාමාගේ අංක එකේ ප්‍රතිවාදියා ලෙසය. පසුගිය කාලයේ ඩිමොක්‍රටික් පක්ෂ රැළිවලදී ඔබාමා ට්‍රම්ප් විවේචනය කළේය. හාස්‍යයට ලක් කළේය. දෙස් විදෙස් ප්‍රතිපත්ති ගැන කිසිදු අවබෝධයක් නැති පුද්ගලයෙකු යැයි ද ට්‍රම්ප් හැඳින්වූයේය.
ජයග්‍රහණයෙන් පසු ධවල මන්දිරයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් උණුසුම් ලෙස පිළිගැනීමට ඔබාමා කටයුතු කළේය. ඉදිරියේ දී ට්‍රම්ප් නව ජනපති ලෙස ධවල මන්දිරයට පැමිණීම කෙසේ සිදුවන්නේ ද යන්න කතාබහ කෙරුණි.
තම ඩිමොක්‍රටික් පක්ෂයේ සහාය රිපබ්ලිකන් ජනපති ම්‍රම්ප්ට නොඅඩුව ලැබෙනු ඇතැයි ද ඔබාමා එහිදී කියා සිටියේය. ‘අපි පුළුවන් උපරිමයෙන් ඔබට සහාය දෙනවා සාර්ථක වෙන්න. ඔබේ සාර්ථකත්වය රටේ සාර්ථකත්වයයි’ යැයි ඔබාමා ට්‍රම්ප්ට පැවැසීය.
මෙහිදී ඔබාමාටත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට ස්තුති කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ දී ඉදිරි සති කිහිපයේ දී ඔබාමාගෙන් උපදෙස් ලබා ගැනීමට තමා කටයුතු කරන බවය. ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරියේය.

RECOMMEND POSTS