ට්රම්ප්ගේ වෙබ් පිටුවෙන් ‘මුස්ලිම් තහනම‘ ඉවතට



ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති වීමෙන් අනතුරුව ඔහුගේ වෙබ් පිටුවෙන් ඉස්ලාම් භක්තිකයන් සදහා වන තහනම බදාද රාත්‍රියේදි ඉවත් කරගෙන ඇත.

මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම තහනම සදහන් වාක්‍ය නොවැම්බර් මස 08වන දින උදෑසන වන තෙක්ම ඔහුගේ වෙබ් පිටුවේ සදහන්කොට තිබිණි. 

නොවැම්බර් මාසයේ පැරසියට එල්ලවු ත්‍රස්ත ප්‍රහරයෙන් අනතුරුව ට්‍රම්ප් ඉස්ලාම් භක්තිකයින්ව ප්‍රබල ලෙස හෙළා දුටුවේය.

ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ පුවත්පත් වාර්තා කරන අන්දමට ට්‍රම්ප් විසින් වෙබ් පිටුව මකා දමන ලද පළමු අවස්ථාව මෙය නොවේ.. ඔහුගේ බිරිද වන මෙලානියා ට්‍රම්ප් ඇගේ චරිතාප්‍දාන වෙබ් පිටුවේ ඇය විසින් උපාධිය සම්පූර්ණ කර නොමැති බව සදහන් කර තිබී ඇත. පසුව එය ට්රම්ප්ගේ ගොල්ෆ් වෙබ් පිටුවට සම්බන්ධ කර ඇත.

 


RECOMMEND POSTS