ඇමෙරිකාවේ රැකියා අවස්ථා ඉන්දියාව චීනය උදුරාගත්තා - ට්‍රම්ප්ගෙන් චෝදනා



 (රොයිටර්)

ඇමෙරිකානුවන්ට හිමිවිය යුතු රැකියා අවස්ථා ඉන්දියාව, චීනය, මෙක්සිකෝව සහ සිංගප්පූරුව ‘උදුරාගෙන ඇතැයි’ රිපබ්ලිකන් ජනපතිධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි.
‘චීනය ලෝක වෙළෙඳා සංවිධානයට එක් වීමත් සමඟ ඇමෙරිකාවට ඇමෙරිකන් සමාගම් 70,000 ක් අහිමි විය. එසේ වීම ආරම්භ වූයේ හිලරි ක්ලින්ටන්ගේ සැමියා බිල් ක්ලින්ටන් ජනපති ධුරය හෙබවද්දීයි. ඇමෙරිකා ඉතිහාසයේ සිදුවුණු මහා පරිමාණයේ ‘රැකියා සොරා ගැනීම’ මෙයයි. මං ජනපති වුණොත් මෙම තත්ත්වය වෙනස් කරනවා’ යැයි ෆ්ලොරීඩාහි පැවැති රිපබ්ලිකන් පක්ෂ ජන රැලියේදී ට්‍රම්ප් පැවැසීය.

RECOMMEND POSTS