ඇමෙරිකන් ජනාධිපතිවරණය ගැන දේශපාලන විශ්ලේෂකයෝ මවිතය පළ කරති



 (ඬේලිමේල්)
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම, මීට මාස කිහිපකට පෙර, මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා ද නැතිද තීරණය කිරීමට පැවැති ජනමත විමසුමට වඩා ලොව කවුරුත් මවිතයට පත් කළ එකක් වූ බව, ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
බ්‍රිතාන්‍යයේ පැවැති එම ජනමත විමසුමේදී යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැයි බහුතරය තීරණය කළේය. බ්‍රිතාන්‍ය වැසියන් එසේ තීරණයක් ගනීවි යැයි එවකට සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවා විශ්වාස කළේ නැත. කැමරන් සහාය දැක්වූයේ දිගටම යුරෝපා සංගමය සමඟ එක් වී සිටිය යුතුයි කියාය. අවසානයේ දී කැමරන් ද ධුරයෙන් සමුගත්තේය.
ඇමෙරිකන් ජනපතිවරණයේ දී බහුතරය අනාවැකි පළ කළේ හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරන බවටය. පැහැදිලි දේශපාලන දැක්මක් නැති අයකු ලෙස ට්‍රම්ප් බොහෝ දෙනාගේ විහිළුවට ලක් වී සිටියේය. සියලු අනාවැකි බොරු කරමින් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම ලෝක දේශපාලනයේ මහා පෙරැළියක් යැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


RECOMMEND POSTS