හයිපර්ලූප් අධිවේගි ප්‍රවාහනයෙන් කෝටි ගණනක අලුත් ප්රාග් ධනයක්
හයිපර්ලූප් වන් අනාගතවාදී අධිවේගි ප්‍රවාහන ක්‍රමය මගින් ලබන වසරේදි පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව ඩොලර් කෝටි ගණනක අලුත් ප්‍රාග්ධනයක් ඉපයිය හැකි බව එහි නිර්මාතෘ කියා සිටියේය.
මෙම ප්‍රවාහන ක්‍රමය යොදාගන්නා තාක්ෂණය වන්නේ විශාල රික්තක නලයක් තුල චුම්භක බලය ඇති කර එම බලය ප්‍රයෝජනයට ගැනීමයි.
මෙහි වේගය පැයට සැතපුම් 750කි. ( පැයට කිලෝ මීටර් 1,100ක් වේ.)
මෙමගින් පුද්ගලයින් හා නැව් බඩු ප්‍රවාහනය කිරීම සදහා මෙම තාක්ෂණය යොදාගනු ලබයි.
දැනටමත් ඕලන්ද හා පින්ලන්ත රජයන් විසින් ශක්‍යතා අධ්‍යනය කිරීම සදහා ගිවිසුම් අත්සන් කර ඇත.
මෙම සතියේ මුල් භාගයේදී ඩුබායි රජය මගින් මෙවැනි හයිපර්ලූප් අධිවේගි ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කිරීම සදහා සමාගම සමග එක්ව අධ්‍යන කටයුතු කිරීම සදහා එකගවූ බව මෙම හයිපර්ලූප් වන් ප්‍රවාහන පද්ධතිය නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරන ලදී.
ලබන වසරට පෙරාතුව සමාගම මගින් නෙවාඩා හිදි මෙම පද්ධතියේ සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි. ඉන් අනතුරුව මෙම ශක්‍යතාවය පෙන්නුම් කිරීමට හැකිවනු ඇති බව නිෂ්පාදන සමාගම වැඩිදුරටත් කියා සිටියේය.
මේ ව්‍යාපෘතිය සදහා සමාගම මගින් ඇ.ඩො මිලියන 160ක් දක්වා මුදල් වැඩිකර ඇත.
පසුගිය මාසයේදී ඇ.ඩො මිලියන 50ක මුදලක් මේ ව්‍යාපෘතිය සදහා ඩුබායි වරාය මෙහෙයුම් සමාගම වන ඩි.පි වර්ල්ඩ් මගපෙන්වීම යටතේ යොදවා ඇත.