කටාර් ගුවන් සේවය මැද පෙරදිග හොඳම ගුවන් සේවය වෙයි



කටාර් ගුවන් සේවය නැවත වරක් ‘වසරේ මැද පෙරදිග ගුවන් සේවය’ ලෙස තේරී පත්වී ඇත. ගෝලීය ජාලය, නූතන ගුවන් යානා සහ ව්‍යාපාරික පන්තියට සපයන සුඛෝපභෝගී සේවා මෙන්ම සංචාරකයන්ගේ අත්දැකීම් හේතුවෙන් කටාර් ගුවන් සේවය මෙලෙස වසරේ මැද පෙරදිග ගුවන් සේවය ලෙස තේරී පත්වීමට හේතු වී ඇත. 
මේ බව නිවේදනය කෙරුණේ ඩුබායි හි පැවැති දසවැනි වාර්ෂික ව්‍යාපාරික ගුවන් සේවා සම්මාන උලළේදීය. මෙම සම්මාන පිරි නැමීමේදී සංචාරකයන්ගේ නිර්දේශ සැලකිල්ලට ගන්නා අතර ලොව පුරා ස්ථාන 150කට ආසන්න ප්‍රමාණයක කටාර් ගුවන් සේවය විහිදී තිබීමත් එම ජලය වර්ධනය වීමත් සංචාරකයන්ගේ සතුටට හේතු වී ඇත. 
එමෙන්ම ගුවන් ගමන්වලදී කටාර් ගුවන් සේවය සපයන සේවා ද ඉහළ මට්ටමක පවතින බව සංචාරකයෝ සඳහන් කර ඇත. 
 
 
ගල්ෆ් ටයිම්ස් ඇසුරිනි

RECOMMEND POSTS