මාස 10ට මගීන් මිලියන 31ක් හමාඩ් ගුවන් තොටුපොළ භාවිතා කරලා



පසුගිය මාස දහය ඇතුළත දශ ලක්ෂ 31ක ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමාඩ් අන්තර්ජාතික ගුවන්තොටුපොල  භාවිතා කර ඇති බව එම ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි.

මෙය පසුගිය වර්ෂය හා සසදන විට 16.8%ක වර්ධනයක් වේ.

මෙය සංඛ්‍යාත්මකව සන්සන්දනය කර බලන විට 2015 වර්ෂයේදි ගුවන් මගීන් 2,561,005ක්ද  2016දී  2,991,359ක් වේ.

පසුගිය මාසයේදී  මෙම ගුවන් තොටුපොලෙන් ගුවන්යානා පිටත්වීම් හා ගොඩබැස්සවීම් 21,400ක් සිදුවී ඇති අතර 2015 වර්ෂයේදි එය 18,862ක් බව ගුවන්තොටුපොල බලධාරීහු පවසති.

 

(ජී.ඩී.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS